පළාත් සභා මගින් ප්‍රමාණවත් පරිදි මුදල් ලබා නොදීම හේතුවෙන් රෝහල්වල ප්‍රවාහන කටයුතු සීමා කිරීමට සිදුව ඇති බවට හම්බන්තොට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළ බව වාර්තා වේ.
2023 වසර සඳහා ලබාදී තිබු මුදල් සංචිත අවසන්ව ඇති බැවින් ඉන්ධන ගාස්තු පියවා ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට පත්ව ඇති බව ට ඔහු ප්‍රකාශ කර තිබේ.
ඊයේ (10 )දින ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන ලද රෝගියෙකු හදිසි ප්‍රතිකාරයක් සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යැවීමට අවශ්‍ය වුවත් ලුණුගම්වෙහෙර රෝහලේ ගිලන් රථයේ ඉන්ධන නොමැති බැවින් පෞද්ගලික ගිලන් රථයක් භාවිතා කිරීමට සිදු වූ බවට රෝගියාගේ ඥාතීහු සඳහන් කළහ.
එහිදී රෝහල් කාර්ය කාර්ය මණ්ඩලය සමග උණුසුම් තත්ත්වයක් ද ඇති වූ බවද කීය.
ඒ පිළිබඳව කළ විමසීමකදී හම්බන්තොට නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ එම අවස්ථාවේ ගිලන් රථයේ ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොතිබීම හේතුවෙන් දෙබරවැව රෝහලේ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට කටයුතු කළ ද එම රථය පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි.














































