මස්කෙළිය නල්ලතන්නිය මරේ මාර්ගය නවිකරණය කිරිම සදහා ගෙන එන ලද මාර්ග තලන යන්ත්‍රයක් (ගල් රෝලක්) හා තවත් යන්ත්‍රයක් වසර කිපයක් තිස්සේ දිරාපත් විමට ඉඩ හැරිම විශාල අපරාදයක් බවට එම ප්‍රදේශයේ පිරිසක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම තත්ත්වයන් පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ රුපියල් කෝටි ගණන් වටිනා මෙම යන්ත්‍ර මෙම මාර්ගය නවිකරණය කිරිම සදහා ගෙනවිත් එම යන්ත්‍ර 2021 වසරේ සිට මෙසේ මාර්ගය අයිනේ දිරාපත් විමට ඉඩ හැර ඇති බවයි.
මෙම යන්ත්‍ර මෙසේ නිකරුනේ විනාශවිමට ඉඩ හැරිම ජාතික අපරාධයක් බවත් මේ පිළිබඳව අදාල බලධාරින්ගේ දැඩි අවධානය යොමු විය යුතු බවත් එම පිරිස් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.














































