English
සිංහල
14:38 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ප්‍රාදේශීය සංවර්ධන බැංකු අධිකරණය නොමග යවා නඩු තීන්දු ගැනීමට සැරසෙන අයුරු.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලාංකික ජනතාව මේ වන විටත් දැඩි සේ දුක් විදිති.නමුත් බැංකු ඇතුළු මූල්‍ය ආයතන ,සංස්ථා,මණ්ඩල වල සේවය කරන සහ මාණ්ඩලික සේවයට අයත් බොහෝ නිලධාරින්ට මෙම තත්ත්වය දැනී නැත.ඒ ඔවුන් අසීමිත වැටුපක් ලබා ගන්නා බැවිනි.

    එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල තිබෙන ප්‍රාදේශීය සංවර්ධන බැංකු වලින් ණය ලබා ගෙන ණය ගෙවීමට නොහැකිව අසරණව සිටින පුද්ගලයන්ට නඩු පැවරීමට කටයුතු කර තිබේ. ණය නොගෙවන්නේ නම් කෙසේ හෝ එම මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සැකසීම පිළිබඳව බැංකුව කටයුතු කළ යුතුය. ඒ පිළිබඳව අපගේ තර්කයක් නැත. නඩු නොපවරා සිටීමට නම් රජය මැදිහත් වී ණයකරුවන් වෙනුවෙන් යම් සහනදායී වැඩපිළිවෙළක් ඇති කළ යුතු ය. ඒ කෙසේ වෙතත් බැංකුව විසින් සිදුකර තිබෙන වැරදිද වසන් කර නඩු පැවරීම් කිරීම වරදකි.

    කෙසේ නමුත් බැංකුවල වරදක් නොමැති කරුණුවලට අයත් ණය මුදල් අයකිරීමට නඩු නොපවරා කටයුතු නොකරන තාක් කල් බැංකුවලටද මෙම මුදල් අය කර ගැනීමේ ගැටලු පවතින බව අවිවාදිත කරුණකි.

    නමුත් මෙසේ නඩු පැවරීමේදී ණය මුදල් සඳහා ණයකරුවන් වෙනුවෙන් ඇප වී සිටින පුද්ගලයන්ට නඩු පැවරීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකු කටයුතු කර තිබේ. එය වරදකි.

    ඇපකරුවන් ඇප වන්නේ මුදල් ලබා දීමට නොවේ.පවතින නීතියට අනුව ඇපකරුවන් වගකිව යුත්තේ ණයකරු මිය ගියහොත් පමණි.ණයකරු මියගියහොත් අදාළ මුදල ගෙවීමට ඇපකරුවන් බැඳී සිටිති .මෙහිදී ඇපකරුවන් නඩුවේ සාක්ෂිකරුවන් වනවා විනා චූදිතයින් ලෙස නම් කිරීමට නීතිමය වශයෙන් හැකියාවක් නැත. එය ප්‍රාදේශීය සංවර්ධන බැංකු මගින් කර තිබෙන බරපතල අපරාදයකි. වරදකි.

    එසේ නම් කිරීමේදී එයට විරුද්ධව ඇපකරුවන් හඹ කළහොත් සිදුවන්නේ බැංකුව පරාජයට පත් වීමයි.එය නීතීවේදීන්ගේ වරදක් නොව නීතිවේදීන්ට උපදෙස් ලබා දෙන බැංකු නිලධාරින්ගේ වරදක් වේ.

    ණය මුදල් ලබාගෙන තිබෙන්නේ ණයකරු නම්, ඇපකරුවන් විත්තිකරුවන් බවට පත් කිරීමම ප්‍රාදේශීය බැංකු කළමනාකරුවන්ගේ අල්ප නීතිමය දැනුමත්, ඔවුන්ගේ නීතිවිරෝධී ත්‍රාඩ ක්‍රමයත් රටේ ජනතාවට පෙන්වති.

    තවද ණය මුදල වෙනුවෙන් යම් රක්ෂණයක් තිබියදී, ණයකරු මියගියහොත් එම මුදල අය කරගන්නේ රක්ෂණ සමාගමෙනි. ඇපකරුවන් ඇප වන්නේ එම මුදල ණයකරු ලබාගත් බව තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි පිණිස පමණි. ඒ හැර වෙනත්, නීතියට හෝ ගිවිසුම් නීතියට පරිභාහිර කොන්දේසි ඇපකරුගේ හෝ ණයකරුගේ ගිවිසුම්වලට ඇතුළත් කර තිබුණහොත් ඒවා අසාධාරණ ගිවිසුම් වැලක්වීමේ පනත මගින් අහෝසි වේ.

    මෙසේ නඩු පැවරීමේදී විත්තිකරුවන්ටද හඹ කළ හැකිය.මෙසේ නඩු පැවරීමේදී විත්තිකරුවන් බවට පරිවර්තනය කර තිබෙන ඇපකරුවන්ටද හඹ කළ හැකිය.එයට එරෙහිව හඹ කර බැංකුවේ වන්දියෙන් මුදලක්ද ලබා ගැනීමට ඇපකරුවන්ට හැකිය.

    නමුත් රටේ පවතින අයහපත් ආර්ථික ගැටලු හමුවේ අසරණ ඇපකරුවන්ට මෙසේ බැංකුව සමග නඩු කීමට හැකියාවක් නැත.ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මෙම ක්‍රියාවලිය නිසා ඇපකරුවන් සහ ණයකරුවන් අතර විශාල ගැටුම්ද ආරවුල්ද ඇතිව තිබේ.ඉන් බැංකුවට දැඩි අපකීර්තියක් සිදු වේ. නමුත් බැංකුවට එම ආරවුල් හෝ මහජන ගැටුම් අදාළ නැත.ඒ ඔවුන්ට කෙසේ හෝ මාසික වැටුප ස්ථීර වශයෙන්ම ලැබෙන බැවිනි.

    තවද බැංකු මගින් මෙසේ ඇපකරුවන් වූ මිනිසුන්ට නඩු පැවරීමට තීරණය කිරීම තුළින්ම මෙහි ආරම්භය රැගෙන ඇත්තේ වංචනිකවය. බැංකු මගින් අධිකරණයට ඉදිරිපත් කරන නඩුව වැරදි නමුත් මිනිසුන් හඹ නොකරන බැවින් එම නඩුවල ඇති අන්තර්ගතය දැනගැනීමට අධිකරණ විනිසුරුවරුන්ට අවස්ථාවක් නොලැබේ. එය දැනගැනීමට සහ පවරා තිබෙන නඩුව නීතිවිරෝධී වංචනික නඩුවක් බවට අධිකරණයට දැන ගැනීමට අවස්ථාව ලැබෙන්නේ එම නඩු හඹ කර ඉදිරියට ගියොත් පමණි.

    අධිකරණයට එන ණයකරුවන් අධිකරණයේදී මුදල් ගෙවීමට පොරොන්දු වී කෙසේ හෝ මුදල් ගෙවයි. ඉන් බැංකු මගින් කරනුයේ ඇපකරුවන්ගේද මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමයි. ඔවුන් මහජන අධිකරණ බලය අවභාවිතා කිරීමක් මෙහිදි සිදුකරයි.

    ප්‍රාදේශීය සංවර්ධන බැංකු පමණක් නොව සියලුම බැංකු මෙම බොරුව දිගින් දිගටම සිදු කරනු ලබයි.මිනිසුන් අසරණ කර ඔවුන්ව තුට්ටු දෙකට දමා අධිකරණයට පවතින බලය වංචනික ලෙස බැංකුවලට අවශ්‍ය ආකාරයට භාවිතා කිරීම මෙහිදී සිදුකරයි.

    කෙසේ නමුත් ලංකාව පුරා තිබෙන බොහෝ මූල්‍ය ආයතන මෙම ත්‍රාඩ ක්‍රමය භාවිතා කරන බවට අපට තොරතුරු ලැබී තිබේ. මෙම පුවත කියවන ඔබට හෝ යහළුවෙකුට හෝ හිතවතෙකුට මෙවන් අකටයුත්තක් සිදුව තිබේනම් එය පැහැදිලිව ලියා අප වෙත යොමු කරන්නේ නම් අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය මගින් නීතිවිරෝධීව සිදු කර තිබෙන කටයුතු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු අප විසින් සිදු කරනු ඇත. ඉන් තවත් ප්‍රජාවක් ආරක්ෂා වේ. එසේ දැනුවත් කළහොත් පමණක් බැංකු ඇතුළු මූල්‍ය ආයතන වල මෙම නීතිවිරෝධී ක්‍රියා සිදුකිරීම නැවතී පවතින නීති රාමුව තුළ පමණක් වැඩකටයුතු කිරීමට ඔවුන් හුරුපුරුදු වේ. ඔබ නිහඬව සිටින තාක් කල් රට විනාශ කිරීමට මෙම ආයතන භාවිතා කල “පාතාල” ක්‍රම තවදුරටත් ක්‍රියාත්මක වේ.

    එබැවින් තවදුරටත් ඔබටත් ඔබේ යහළුවෙකුට හිතවතෙකුට හෝ මෙවැනි අසාධාරණයක් අකටයුත්තක් සිදුව තිබේනම් තරාතිරම නොබලා අප ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමත් ඊට අවශ්‍ය නීතිමය උපදෙස් ලබාදීමත්, ඒ වෙනුවෙන් දිගින් දිගටම පෙනීසිටීමටත් අප ආයතනයක් ලෙස කටයුතු කරනු ලබයි.

    ඒ වෙනුවෙන් කිසිදු මුදලක් අප අය නොකරන බැවින් ඔබ ලක්ව තිබෙන අපහසුතාවය ravanalankanews3@gmail.com යන ඊමේල් ලිපිනයට යොමු කර, එය pdf කර 0710866060 යන දුරකථන අංකයට වට්ස්ඇප් කරන ලෙසද අප ඔබට දන්වා සිටිමු.

    ප්‍රාදේශීය සංවර්ධන බැංකු මගින් මෙසේ පවරා තිබෙන අපට වාර්තා වන සියලු නඩු, එකින් එක මෙම වෙබ් අඩවියේ පලකිරීමත්, මහජනතාවගේ දැනුවත් වීමත් උදෙසා සමාජ මාධ්‍ය මගින් තව දුරටත් ප්‍රසිද්ධ කිරීමත් සිදු කරනු ඇත.

    පහතින් සදහන් වනුයේ රට ආර්ථිකව කඩ වැටෙමින් තිබියදී මහබැංකු චක්‍ර ලේඛන උල්ලංඝණය කරමින් ලක්ෂ ගානක් කුලිය දෙමින් වෙනත් ස්ථානයකට බැංකුව රැගෙන ගිය අයුරුය.

    මහා බැංකු අධිපති විහිලුවට ගත්  ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය ආර්ථිකයට කොකා පෙන්වයි.
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version