මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ආලෝකකරණය සඳහා ඇස්තමේන්තුගත මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ දළදා මාළිගාව , සතර දේවාල , නගර සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හෙට (18) දළදා මාළිගා පරිශ්‍රයේ දී සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වේ .
ඒ අනුව මේ වසරේ ඇස්තමේන්තුගත මුදල වන රුපියල් එක්කෝටි තිස්දෙලක්ෂ අනූ නවදහස සම්බන්ධයෙන් සහ එම ගාස්තුවේ සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කරන බව සඳහන් වේ.
මහනුවර ශ්‍රී දළදා මාළිගා ඇසළ පෙරහැර මංගල්‍ය අගෝස්තු මස 21 වනදා සිට 31 වැනිදා දක්වා පැවැත්වේ.