මාදම්පේ පනිරෙන්ඩාව වන රක්ෂිතය තුළ තිබී පුද්ගල මෘත ශරීරයක අස්ථි කොටස් හමුව ඇති බව වාර්තා වේ.
ඊයේ දහවල් කාලයේදී පොලීසියට ලද දුරකථන ඇමතුමක් මත එම අස්ථි කොටස් සොයාගෙන තිබේ.
මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රධාන මාර්ගයේ මීටර් 150ක් පමණ රක්ෂිතය තුළට වන්නට තිබී මෙම අස්ථි කොටස් සොයාගෙන ඇත.
එලෙස හමුවූ අස්ථි කොටස් මීට මාස කිහිපයකට පෙර මියගිය පුද්ගලයෙකුගේ බවට පොලීසිය සැක කරනු ලබයි.
එම අස්ථි කොටස් හිමි පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බව සදහන්.
සිද්ධිය සම්බන්ධව හලාවත අපරාධ පරීක්ෂණ නිලධාරීන් කැඳවා ස්ථානිය පරීක්ෂාවක් සිදුකර ඇත.
මේ පිළිබඳව මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































