ඉඩැලියා නිවර්තන කුණාටුව මෙම සති අන්තයේදී සුළි කුණාටුවක් බවට පත්වී කියුබාවට සහ ෆ්ලොරිඩාවට කඩා වැදීමට නියමිත බව වාර්තා වේ.
පැයට කිලෝමීටර් 130ක වේගයෙන් එම රටවලට කඩා වැදීමට නියමිත මෙම සුළි කුණාටුවෙන් දැඩි සුළං සහ තද වැසි ,ජල ගැලීම් ඇතිවිය හැකි බවට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබේ.
ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ මෙම ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා දහසකට අධික ආපදා නිලධාරින් ,මෝටර් රථ 2,400ක් සහ ගුවන් යානා විශාල සංඛ්‍යාවක්ද සූදානම් කර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කර තිබේ.