මිය ගිය පුද්ගලයින්ගේ ජාතික හැදුනුම් පත් සදහා ජංගම දුරකථන සිම් කාඩ් පත් ලබා නොදෙන ලෙස විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන ) තරලිකා ලිවේරා විසින් දුරකථන සේවා සමාගම්වලට දැනුම් දුන් බව වාර්තා වේ.
එමෙන්ම යම් කිසි පුද්ගලයෙකු මිය ගිය විට දී ඔවුන්ට අදාළ ජංගම දුරකථන විසංන්ධි කරන ලෙසත් , ඔවුන්ගේ ජාතික හැදුනුම් පත් අංකයට ජංගම දුරකථන සිම් පත් නිකුත් කිරීම තහනම් කරන ලෙසටත් ජංගම දුරකථන සේවා සමාගම්වලට උපදෙස් දුන් බව ඇය වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම මිය ගිය පුද්ගලයින්ගේ ජාතික හැදුම්පත් අංක සහ ඔවුන් භාවිතා කළ දුරකථන අංක පිළිබද ලැයිස්තුවක් සෑම මසකටම වරක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල මගින් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව වෙතට ලබා ගන්නා බවද විදුලි සන්දේශ නියාමන සභාවේ අධ්‍යක්ෂිකා විසින් සදහන් කරන ලදී.