බුදු දහමට අපහාස කළ ජෙරම් ප්‍රනාන්දු නැමැති අය සැඟවී සිටියදී, ඔහුගේ මව බෞද්ධ ජනතාවගෙන් සමාව ගන්නා ලදී.
පසුගිය දිනක බුදුදහම සහ බුදුරජාණන්වහන්සේ පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ දේවගැති ජෙරම්ගේ දෙමව්පියන් අද (18) දිනයේ රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ බැහැදැක ඇති අතර දේවගැති ජේරම් සිදු කළ ප්‍රකාශයෙන් බුදු දහමට සහ බෞද්ධයන්ට සිදු වූ අගෞරව වෙනුවෙන් මහා සංඝරත්නයෙන් සහ සමස්ත බෞද්ධ සමාජයෙන් සමාව ඉල්ලා තිබේ.
එහිදී දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් පැවති අතර අනතුරුව ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කර ඇත්තේ සිදු කළ වැරැද්ද තේරුම් ගෙන ඒ පිළිබඳව සාකච්ඡාවකට පැමිණ සමාව ඉල්ලනවා නම් බෞද්ධ සමාජයක් ලෙස සමාව ලබා දීමට සූදානම් බවත් , පළමු වටයේ සාකච්ඡාව සුහදශීලීව නිමා වූ බවත් , එම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවත් ය.
එහිදී මාධ්‍ය වෙත අදහස් පලකළ ජෙරම්ගේ මෑණියන් ,
” කෝටි වාරයක් අපි සමාව ඉල්ලනවා . අපේ පුතාගේ වචනවලින් ලොකු කුඩා සියලු දෙනාටම හිත් රිදීමක් වුනානම් අපිට සමාවෙන්න. නායක ස්වාමීන් වහන්සේ අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. “
ඔවුන් සමාව ගත්තත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව එම වරදට දඬුවම් ලැබිය යුතුමය. බෞද්ධ ජනතාව සමාව දුන්නත් රටේ ව්‍යවස්ථාපිත නීතිය මඟින් සමාවක් ලැබීමට ඉඩක් නොතිබිය යුතුය.
මීට පෙරද අපහාස කළ බවට ප්‍රකාශ කරමින් කාන්තාවක් දිගින් දිගටම බන්ධනාගාරගත කෙරිණි. ඇයද ප්‍රසිද්ධියේ සමාව ගත්තත් , පොලිසිය අත්අඩංගුවට ගත්තේය. එසේ නම්, ජෙරම්ටද නීතියට අනුව දඬුවම් ලැබිය යුතුය.














































