පොලිස්පතිවරයෙකු පත් කිරීමේ දී රජයේ තක්සේරුව මත නියමිත පරිදි අදාළ පත් කිරීම සිදු කරන බවත් , ආගමික හෝ වෙනත් කිසිදු බලපෑමකට යටත් වීමට රජය සූදානම් නොමැති බවත් “ ස්ථාවර රටකට සැවොම එක මඟකට “ යනුවෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ,
“රාජ්‍යයක් ලෙස රටේ ආරක්ෂාව වෙනුවෙන් සෑම වසරකදීම ඉදිරි වසර පහක කාලය සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් ලබාගන්නවා. ත්‍රස්තවාදය, අන්තවාදය, නීතිවිරෝධී ක්‍රියා, භූගෝලීය දේශපාලන සහ අපරාධ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් වූ සමස්තය මෙම තක්සේරුවේදී ආවරණය කෙරෙනවා. මෙම තක්සේරුව අනුවයි රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ලබන්නේ.”














































