ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා වොෂින්ටන්හි පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සැසියට සමගාමීව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ණය අර්බුදයට මුහුණ පා සිටින රටවල්වලට වඩාත් කාර්යක්ෂම ණය විසඳුම් යාන්ත්‍රණයක් ඇති කිරීම සඳහා බලපෑම් සිදුකරන බවයි.
එහි දී අධ්‍යක්ෂිකවරිය වැඩිදුරටත් ශ්‍රී ලංකාව ඇතුළුව ණය අර්බුදයට මුහුණ පා ඇති රටවල් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සඳහන් කරන ලදී.
විශේෂයෙන් ඇය පෙන්වා දෙන ලද්දේ වඩාත් කාර්යක්ෂම ණය විසඳුම් යාන්ත්‍රණයක් ඇති කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලපෑම් සිදු කරන බවත් ඒ සඳහා නිශ්චිත පුරෝකථනයක් සිදුකළ හැකි මාර්ගෝපදේශය සහිත රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලු ණය හිමියන්ට සමාන සැලකීමක් සහිත පොදු යාන්ත්‍රණයක් අවශ්‍ය වන බවත් ය.
එමෙන්ම ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් සහිත රටවල් වෙත ණය ආදායකයන්ගේ සම්බන්ධීකරණයන් ව්‍යාප්ත කිරීමට ද ඔවුන් කටයුතු කරන බව එහි දී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
















































