අද (22) පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට පෙර අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට දැනුම් දුන් බවයි.
ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ දැනට එළඹී ඇත්තේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් බවත්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කළ යුතු බවත්, ඊට පෙර ණයහිමියන් සමග සාකච්ඡා කර එම වාර්තාව ද ඊට ඇතුළත් කළ යුතු බවත්ය.
සියලු තොරතුරු ලබාගත් පසු කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවත්, ඒ සඳහා විරුද්ධ පක්ෂය හෝ ඊට උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශවයකට සහභාගී විය හැකි බව ද ජනපති විසින් තමා දැනුවත් කළ බව කථානායකවරයා ප්‍රකාශ කර ඇත.
















































