දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම අද (11) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
රටේ පවතින ආර්ථික තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් IMF කණ්ඩායම ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබේ.
මෙම IMF කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් ශ්‍රී ලංකාව සහ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲඅර් මහතා කටයුතු කරන අතර මෙම සාකච්ඡාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ , මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන , මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු ප්‍රධානීන් කිහිප දෙනෙක් සහභාගී වූ බව සදහන්.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රිනිවාසන් ද හෙට (12) සිට 15 වනදා දක්වා කාලය තුළ එක් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.
මෙම විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් පළමු ඇගයීම මේ වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිත බවත් , ඒ සදහා ජුනි මාසයේ දත්ත පදනම් කර ගැනීමට නියමිත බවත් සදහන්














































