රුපියල් 35ක මිලක් යටතේ සතොස හරහා ආනයනික බිත්තර අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවට වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි සතිය තුළ අදාළ බිත්තර සතොස හරහා අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි.
ආනයනික බිත්තර මෙතෙක් වෙළෙඳපොළේ අලෙවි කිරීමක් සිදුනොවූ අතර බිත්තර මිලෙහි ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ඒවා පාරිභෝගිකයින්ට ලබාදීමට තීරණය කර තිබේ.
ඒ අනුව සතොස සහ සුපිරි වෙළෙඳසැල් සඳහා ආනයනික බිත්තර නිකුත් කිරීමට මේ වන විට තීරණය කර ඇති බව සදහන්.
දෛනිකව බිත්තර ලක්ෂයක පමණ ප්‍රමාණයක් එලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවට වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.













































