බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය ආනයනික බිත්තර තොග මේ වනවිට සියලු සතොස වෙළදසැල් වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඉල්ලුම ඉහළයෑම හේතුවෙන් ඊයේ (27) දිනයේ බස්නාහිර පළාතේ සතොස අලෙවිසැල්වලට යොමුකළ සියලු ආනයනික බිත්තර තොග අවසන් වී ඇති බවත් , ඊයේ (27) රාත්‍රියේ නව තොග බෙදාහැරීමට අවශ්‍ය පියවර ගත් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ .