තලවකැලේ තේ පර්‍යේෂණ ආයතනය විවෘත කර වසර 100 ක් සැපිරීම නිමිත්තෙන් අද (29) සහ හෙට (30) යන දෙදින තුළ නොමිලේ අධ්‍යාපන ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතර එය වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් අද (29) ආරම්භ කළ බව වාර්තා වේ.
මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය ” විවෘත දිනය ” ලෙස නම් කර ඇති අතර තේ පර්‍යේෂණ ආයතනය විසින් හඳුනාගත් නව තේ ප්‍රභේද , තේ නිෂ්පාදනයට හඳුන්වා දී ඇති නවීනතම යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ , තේ ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන ලද නව නිෂ්පාදන මෙම ප්‍රදර්ශනය සඳහා එක් කර ඇති බව සඳහන් වේ.














































