හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමියේ පුද්ගලික බස් නැවතුමේ විදුලි බුබුලු දහවල් කාලයේදිද දැල්වීමත් සමග විශාල විදුලි නාස්තියක් සිදුවන බවට බස් මගින් පිරිසක් මෙන්ම බස් රථ රියදුරන් පිරිසක්ද ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම බස් නැවතුම්පල ගොඩනැගිල්ල සදහා පොදු විදුලි පද්ධතියක් ක්‍රියාත්මක වන බවත් එම විදුලි පද්ධතිය හැටන් නගර සභාව මගින් පාලනය කරන බවත් එසේ තිබියදි මෙහි විදුලිය මෙසේ දහවල් කාලයේද නිකරුනේ දැල්විමත් සමග විශාල විදුලි නාස්තියක් මෙන්ම මහජන මුදල් නිකරුනේ වැය විමක් සිදුවන බවද එම පිරිස් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
මෙම තත්ත්වයන් පිළිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු පවසන ලද්දේ මෙම තත්ත්වයන් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි.














































