කොක්මාදූව පොලිස් විශේෂ කාර්‍යය බලකාය වෙත ලැබුණු තොරතුරක් මත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන මීදිගම නදුන් චින්තක නොහොත් හරක් කටාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන පැලෑන පොඩි නුවන් නමින් හඳුන්වන අයෙකු ඊයේ (28) රාත්‍රියේ අහංගම පොලිස් වසමේ කහඳ ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානය අසළදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 3200ක් , රුපියල් 35,000ක මුදලක් සහ ජංගම දුරකථනයක් පොලිස් විශේෂ කාර්‍ය බලකාය භාරයට ගත් බව සඳහන් කරයි.
වැඩි දුර විමර්ශන කටයුතු අහංගම පොලීසිය විසින් සිදු කරනු ලබයි.














































