කෝවිලේ පූජාවකට පැමිණි කාන්තාවකගේ රන් තැල්ලක් සොරාගත් ඉන්දීය ජාතික කාන්තාවක් ඇතුළු කාන්තාවන් හතරදෙනකු කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
කෝපායි පොලිස් වසමේ නිර්වේළි මුක්ත විනයාගර් කෝවිලේ වාර්ෂික උත්සවය සඳහා සිදුකරන පූජාවට සහභාගි වී සිටි අවස්ථාවේ දී ලක්ෂ 5 ට වඩා වටිනාකමකින් යුතු අදාළ කාන්තාවකගේ රන් තැල්ල මෙලෙස සොරා ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (01) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ .














































