අධික නියං තත්ත්වය නිසා තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළ බැස ඇතැයි වික්ටොරියා වේල්ල පාලන අංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මහවැලි ගඟේ ජලය සීඳීයාමත් සමග අවට සැපයෙන නළ ජලය ද සීමා කර ඇතැයි අවට පිරිස් පවසති.
පල්ලෙකැලේ,බලගොල්ල,ගුරුදෙණිය හාරගම,කැන්නේ කුඹුර, නත්තරම්පොත, කුණ්ඩසාලේ, දියන අලුත්වත්ත යන ප්‍රදේශවල ජනතාවට මෙම ජල ප්‍රශ්නය උග්‍රවී ඇති බව සදහන්.
වික්ටෝරියා ජලාශයේ ජලය සීඳීයාමත් සමග පැරණි තෙල්දෙණිය නගරයේ නටඹුන් මතු වී තිබේ.













































