ඉන්දියාවත් ත්‍රස්තවාදයේ ගොදුරක් වී ඇති බැවින් කිසිම අයුරකින් ඉන්දියාව ත්‍රස්තවාදයට අනුග්‍රහ දැක්වීමක් නොකරන බවට එරට විදේශ අමාත්‍ය එස්.ජයිශංකර් අවධාරණය කර ඇති බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙසේ අවධාරණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි සැසියක් අතරතුර ගාසා තීරයේ සිවිල් වැසියන්ට එල්ලවන ඊශ්‍රායල් ප්‍රහාර නැවැත්විය යුතු යැයි ඉදිරිපත් වූ යෝජනාවට,ජන්දය දීමෙන් වැලකී සිටි නිසාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි සැසියක් පැවැත්වීමට සිදු වූයේද හමාස් සටන් කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වලින් ගාසා තීරයේ පලස්තීන වැසියන් ආරක්ෂා කර ගනිමින්,මානුෂීය සටන් විරාම ඇති කිරීමටයි.
ඇමරිකාව, කැනඩාව ඇතුලු රටවල් බොහොමයක් ඊට විරෝධය දක්වමින් ජන්දය ලබා දුන්නේ, හමාස් සටන් කාමීන් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයට රිසි පරිදි හමාස් සටන් කාමීන් වෙත පහර දිය හැකි බව පෙන්වා දෙමිනි.
ඉන්දීය රජයත් ඇතුලු රටවල් රැසක් මේ සදහා ජන්දය දීමෙන් වැලකී සිට ඇති අතර මේ සම්බන්ධව ඉන්දීය රජයට විවේචන එල්ල වීමට පටන්ගෙන තිබේ.
ඊට පිළිතුරු දීමක් ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය නිකුත් කර තිබේ.















































