ඔක්තොම්බරයේදී පැවැත්වෙන ඉන්දීය සාගරයේ වටද්දර රටවල සංවිධානයේ සමුළුවට සහභාගිවීම සඳහා තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා,
“ලබන මස ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානය හෙවත් IORA සමුළුව පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ පැවත්වෙන එම සමුළුව සඳහා මම එක්වනවා. එහිදී ඉන්දියානු – පැසිෆික් සාගර කලාපයේ ආරක්ෂාව සහ සාගර කලාපය සුරක්ෂා කිරීම ගැන අවධානය යොමු කරනවා.”
එමෙන්ම එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ,
“අපි දුටුවා පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථීකය සම්පූර්ණයෙන්ම බිඳ වැටී යන ආකාරය. මේ සම්බන්ධයෙන් අපට ඉදිරියට පැමිණිමට සිදුවුණා. ඒ වගේම ඔවුන් ජාත්‍යන්තර අරමුදල සමග සිදුකරන සාකච්ඡාවලදී ඊට මැදිහත්වන්නත්. එහිදී අප විසින් මෙතෙක් සිදුකර ඇති විශාලතම ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ලබාදීමද සිදුකරනු ලැබුවා. එහිදී ඔවුන්ගේ ආර්ථීකය ස්ථාවර කිරීම උදෙසා ඩොලර් බිලියන 4ක පැකේජයක් ලබාදීමට අප කටයුතු කළා.”














































