ඉන්දියානු සඳතරණ මෙහෙයුම යම් හෙයකින් රුසියානු මෙහෙයුම මෙන් අසාර්ථක වූයේ නම් අද ඉන්දියාවට පිදෙන ප්‍රශංසා ඇගයීමි වෙනුවට සියලු ඉන්දියානු විරෝධී හැකර කටවල් මේ රටට එරෙහිව මරහඬතලන අකාරය අපට මේ වන විට දැකබලාගත හැකි වනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉන්දියානු ජයග්‍රහණය ගැන සුබ පතන අකාරය අපි දුටුවෙමු. සුබ පැතීමට අමතරව ඒ මහතා ප්‍රකාශ කළේ ඉන්දියානු ජයග්‍රහණයට හේතුව මේ අජටාකාශ ජයගැනීමේ ව්‍යාපෘතියට වඩා ප්‍රමුඛත්වය දිය යුුතු ප්‍රශ්න ඇතැයි කියමින් ඉන්දියාවේ දුගී බව, කුලභේද ආදිය හුවා දක්වමින් සඳතරණ වැඩසටහන විවේචනය කළ තරුණ පරපුරක් ඉන්දියාවේ නොසිටීම බවත් විශේෂයෙන් ඉන්දියාවේ සිනමාව මේ දැවැන්ත ජාතික ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ බවය.
වීරවංශ මහතාට ඇත්තෙන්ම අවශ්‍ය වූයේ ඉන්දියාවට සුබ පැතීමේ මුවාවෙන් අප රටේ විචාරශීලි තරුණ ප්‍රජාවට එරෙහිව තම සිත තුළ පවතින ද්වේශය මුදාහැරීම යැයි සිතෙන තරමට ඔහුගේ ප්‍රකාශය බොළඳය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අප රටට එන විට කළු කොඩි ඔසවා විරෝධය දක්වන්නැයි ඉල්ලා සිටි වීරවංශ මහතා ඉන්දීය සඳතරණ ජයග්‍රහණය ගැන සුබ පැතීම ගැන අපි සතුටු වෙමු. නමුත් ඉන්දියාවේ තරුණ ජනයා සහ එරටේ කලා සංස්කෘතික භාවිතාව තුළ තිබෙන විචාරාත්මක පොහොසත් බව පිළිබඳ වීරවංශ මහතා දක්වන නොසැලකිල්ල පිළිබඳ අපට ඇත්තේ කනගාටුවකි.
ඉන්දියාව ලෝක බලවතෙකු ලෙස නැගීසිීටීම එරට ජාතික ප්‍රමුඛ ජාතික අභිලාෂයයි. ඒ සඳහා මෙවැනි දැවැන්ත විද්‍යා තාක්ෂණික ජයග්‍රහණ අවශ්‍ය වෙයි.
එහෙත් වර්තමාන ඉන්දියාව ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ තම රට පෙළෙනා සුවහසක් අනෙකුත් සමාජ ගැටළු පිළිබඳ විවේචනය, විචාරය පිටුදකිනා චින්තනමය වශයෙන් නිෂ්ක්‍රිය සමාජ වටපිටාවක නොවේ.
ඉන්දියාව තුළ ජනප්‍රිය වූ දෙමළ සිනමා කෘතියක් ඇසුරින් මෙය පැහැදිලි කළ හැකිය.
ගෝපි නයිනර් අධ්‍යක්ෂණය කළ අරාම් (Aramm) චිත්‍රපටයේ කතා වස්තුව ඉතා වැදගත්ය. එහි තේමාව වන්නේ ඉන්දියාව අජටාකාශයට රොකට්ටුවක් යැවීමට සූදානම් වන මහා ජාතික කටයුත්තක් සිදුවන වකවානුවක තමිල්නාඩුවේ නියඟයෙන් පීඩා විඳින දුගී ගම්මානයක අත්හැර දැමූ නොවැසූ නළ ළිඳකට වැටුන කුඩා ළදැරියකගේ ජීවිතය බේරාගැනීම සඳහා තරුණ රාජ්‍ය නිලධාරිනියක් ගත් නිර්භීත ප්‍රයත්නයයි. චිත්‍රපට කතාව තුළ මේ සිදුවීමි දෙකටම ජනමාධ්‍ය නිසා මහා ජාතික අවධානයක් ලැබේ.
එකක් පෘථිවි පෘෂ්ඨයෙන් ඉහළට ඇදෙන අජටාකාශ යානයක් පිළිබඳවය. අනෙක් තම නැගණිය බේරාගැනීම සඳහා පෘථිවි පෘෂ්ඨයේ ඇතුළට සාරා ඇති අඳුරු නළ ළිදකට තම දිවි පරදුවට තබා බසින වික්‍රමාන්විත කොළු ගැටයකු පිළිබඳවය. චිත්‍රපටය මහා උත්ප්‍රාසාත්මක එකක් වන්නේ එක විට සිදුවන මේ සිදුවීමි දෙකෙහි පවතින මහා වෙනසයි.සිනමා කෘතිය අවසන් වන්නේ රොකට්ටුව යැවීමත් ළදැරිය බේරාගැනීමත් එක විටම සිදුවන ජයග්‍රාහී මොහොතක් අප ඉදිරියේ දිග හැර දක්වමිනි.
හඳට යෑම මෙන්ම නළ ළිඳකට වැටුන දරුවකු බේරාගැනීමද ඉන්දියාවට එක හා සමාන ජාතික ප්‍රමුඛතාවන් බව වටහා ගන්නා සාරවත් මානව දැක්මක් ඇති පරපුරක් ඉන්දියාවේ දේශපාලන සම්ප්‍රදාය තුළ මෙන්ම කලා සංස්කෘතික සම්ප්‍රදාය තුළ බිහිවෙමින් තිබේ. එය එසේ වන්නේ තම අවට ඇති සමාජය පිළිබඳව විචාරාත්මකව දැකීම සඳහා ජනයාගේ ඉදරිපත්වීම ඉන්දියාව තුළ මර්දනය කිරීමට නොහැකි බැවිනි.
මෙවැනි චිත්‍රපටයක් එකල සෝවියට් රුසියාවේ යමෙක් නිර්මාණය කළා නම් සිදුවන්නේ ස්ටැලින්වාදී සමාජවාදි පාලකයන්ගෙන් සිනමාකරුවා මැරුම් කෑමය.
එහෙයින් මේ මහා තාක්ෂණික ජයග්‍රහණය වනාහී සමාජ විචාරය කැප කර ලබාගත් එකක් ලෙස හංවඩු ගසන්නට වීරවංශ මහතා දරණ උත්සාහය ගැන අපට ඇත්තේ කනගාටුවකි.
(හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කරුණාරත්න පරණවිතාන )













































