රුසියානු ආක්‍රමණය හේතුවෙන් යුක්‍රේනයේ සිටි ඉන්දීය ජාතික සිසුන් 18,000ක් ඇතුළු ඉන්දීය ජාතිකයින් 23,000ක් යුක්‍රේනයෙන් ඉවත් වූ අතර ඉන්දීය ජාතික සිසුන් 1100 ක් සිය අධ්‍යන කටයුතු අවසන් කිරීම සදහා යළි යුක්‍රේනය වෙත පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ලිවිව් , උෂ්ගරොඩ් සහ ටර්නෝපිල් යන නගරවල අධ්‍යන කටයුතු සිදු කරන සිසුන් බව සදහන් වේ. නමුත් තවමත් මෙම නගරවලට රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
	    	



























 
		    


















