ලාබෙට ඉන්දියාවට යන්න අප්‍රේල් 29 ඇරඹෙන ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවය ….. ටිකට් එකක් ඩොලර් 50යි….
යාපනයේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අප්‍රේල් මස 29 වනදා සිට ක්‍රියාතමක කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සම්පාදනය වෙමින් පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඉන්දීය විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශය ඊයේ (26) මෙම බෝට්ටු සේවාව සම්බන්ධව තහවුරු කිරීමෙන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ හා ඉන්දියාවේ කරෙයිකාල් ප්‍රදේශයේ ආගමන හා විගමන කාර්‍යාල දෙකක් රටවල් දෙක විසින් පිහිටුවන බවය.
මුල් වරට මෙම බෝට්ටු සේවාව සදහා රටවල් දෙකේම රාජ්‍ය මට්ටමේ යාත්‍රා යෙදවීමට බලාපොරොත්තුවක් නැති බවත් ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් කැදවන ලද ටෙන්ඩර් පටිපාටියකට අනුව ඉන්ටර් ශ්‍රී (INTSRI) නැමැති සමාගම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහනය ආරම්භ කරන බවද ඉන්දීය විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශය කියා සිටියේය .
වරකට මගීන් 150කට ගමන් පහසුකම් සැලසෙන අතර එක් මගියෙකුට කිලෝ ග්‍රෑම් 100ක් දක්වා බරක් රැගෙන යා හැකි වේ.
බෝට්ටු ගමනේ ටිකට් පතක් සදහා ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් 50ක් වශයෙන් හදුන්වා දී තිබේ.
( ලංකා සර )














































