අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකුගේ පහරදීමෙන් තුවාල ලැබූ තවත් රැඳවියකු රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ හතලිස් හැවිරිදි සමුහ ගොවිපල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
පසුගිය විසි එක් වැනි දා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අංක තුන සිර මැදිරිය තුලදී මෙම පහරදීම සිදු වී ඇති බවට පොලීසිය පවසයි.
අංක තුන සිරමැදිරිය මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයින් රඳවා සිටින සිරමැදිරියක් බවද පොලීසිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
මේ සම්බන්ධ ඉදිරි විමර්ශණ කටයුතු අඟුණකොළපැලැස්ස පොලීසිය විසින් සිදුකරනු ලබයි.