අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ලබන 14 වනදා ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
එම තරගාවලියේ කුසලානය එළි දැක්වීම සහ කණ්ඩායම් හඳුන්වා දීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා සිදු කළ අතර කොවිඩ් වසංගතයෙන් අනතුරුව පූර්ණ රග්බි තරගාවලියක් මෙලෙස ආරම්භ වන්නේ ප්‍රථම වතාවට බව සඳහන්.
මෙම රග්බි තරගාවලිය කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙන අතර එහි පළමු තරගය මහනුවර බෝගම්බර පිටියේ දී මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත ඇන්තෝනි විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබේ.එමෙන්ම කාණ්ඩ තුනට පාසල් 12 බැඟින් ඇතුළත්ව සිටින අතර ඒ කාණ්ඩයට ඇතුළත්ව සිටින්නේ ප්‍රමුඛ පාසල් බව වාර්තා වේ.
 
	    	



























 
		    
















