ඉදිරියේ දී පොලී අනුපාතිකය පහළ යා හැකි බව අද (08) පාර්ලිමේන්තුවේ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
උද්ධමනය ක්‍රමයෙන් පහළ යාම නිසා සාමාන්‍ය ජනතාවට බැංකු තුළින් එම සහනය ලබා දීමට කටයුතු කරන බවත් , පසුගිය මාස කිහිපය තුළ පොලී අනුපාතිකය අඩු වීමේ වැඩිම අගය ඊයේ (07) දින වාර්තා වූ බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
එමෙන්ම දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 2.5% ක පොලී අනුපාතිකයකුත් , දින 182 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 3.4% ක පොලී අනුපාතිකයකුත් අඩු වී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.














































