දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට කොමසාරිස් ජනරාල්වරයෙකු නොමැති වීම හේතුවෙන් සේවා කටයුතු කර ගෙන යෑමේදී බාධා එල්ල වී ඇති බවට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු කොමසාරිස්වරුන්ගේ සංගමය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයා විශ්‍රාම ගොස් මාස එක හමාරකට අධික කාලයක් ගත වුවද තවමත් ස්ථීර කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කර නොමැති බවට එම සංගමයේ සභාපති එම්.ඒ.ප්‍රියන්ත මහතා සදහන් කර තිබේ.














































