පසුගියදා මෙරට රජයේ වෙබ් අඩවිවලට එල්ල වූ රැන්සම්වෙයාර් සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගැනීම සඳහා ප්‍රති වයිරස් මෘදුකාංග පිළිබඳ පර්යේෂණ පවත්වන ජාත්‍යන්තර ආයතනවලින් සහය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එහි ජ්‍යෙෂ්ඨ තොරුතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල සඳහන් කළේ එම ආයනත සමග මේ වනවිටත් ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවයි.
රැන්සම්වෙයාර් ප්‍රහාරයෙන් රාජ්‍ය ආයතනවල මාස 3ක පමණ විද්‍යුත් පණිවුඩ මැකී ගොස් තිබේ.
කෙසේ වෙතත් රාජ්‍ය වෙබ් අඩවිවල දත්තවලට ඉන් බලපෑමක් සිදු වී නොමැති බවද ඔහු සඳහන් කර තිබේ.
චරුක දමුණුපොල පැවසුවේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි.














































