සිය පියාට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කළ පුත්‍රයෙකු සොයා ජා-ඇළ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
පසුගිය 3 වැනිදා සිය පුතාගේ පහරකෑමට ලක්වූ 69 හැවිරිදි පියා බරපතළ තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ .
සැකකාර පුත්‍රයා මේ වන විට ජාඇල ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව සොයා විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් .