පොලිස් නිලධාරියෙකුගේ අත සපා කා පලාගිය පුද්ගලයකු සොයා යාපනය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
නල්ලූර් කෝවිල තුළ පැවැත්වෙන උත්සවයක් අතරතුර කෝවිල තුළට පිවිසෙන මාර්ගය තේරු කරත්ත සඳහා පමණක් විවෘත කර තිබූ හෙයින් පොලිස් නිලධාරියා විසින් යතුරුපැදිකරු එම ස්ථානයෙන් හරවා යැවීමට උත්සාහ කර තිබේ . එම අවස්ථාවේදී කුපිත වූ යතුරුපැදිකරු නිලධාරියාගේ අත සපා කා නිලධාරියාට පහර දී පළා ගොස් තිබේ .
පහරදීමෙන් තුවාල ලැබූ නිලධාරියා ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත ඇතුළත් කළ බව සඳහන්.














































