කාබනික බෝග වගා කිරීමට බව කියමින් මුදල් එක් රැස් කළ පුද්ගලයෙකු සම්බන්ධව විමර්ශණයක් සිදු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන බවට වාර්තා වේ.
අධික ලාභයක් ලබා දෙන පවසමින් රුපියල් කෝටි සියයකට අධික මුදල් ප්‍රමාණයක් රැස් කර ඇති මෙම පුද්ගලයා මීට පෙරද මූල්‍ය වංචාවකට හසුවූ අයෙක් බවට අනාවරණය වේ.
මෙලෙස මුදල් රැස් කර ඇත්තේ “මෙත්සූ ට්‍රෙඩින්ග්ස් ” යන නමින් පවත්වාගෙන ගිය ආයතනයක් මගින් වන අතර මෙහි හිමිකරු මේ වන විට සැගව සිටින බව සදහන්.
එබැවින් දිවයින පුරා පන්සියකට අධික වංචාවට හසු වූ පුද්ගලයින් තමන්ට සාධාරණයක් සිදු කර දෙන ලෙස ජනාධිපති කාර්යාලය දැනුවත් කර ඇති අතර ඉන් පසුව පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බව සදහන්.