අද (21) සිට ලංකා IOC සමාගමත් සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇත.
එම සමාගම විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.20.00 කින් ඉහළ නංවා ඇති අතර රු.157.00 ට පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රු.177.00ක් වේ.
එමෙන් ම Extra Premium 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල ද රු.210.00ක් ලෙස දැක්වේ.
ඩීසල් ලීටරයක මිල ද රු.10.00 කින් ඉහළ දමා ඇති අතර ඩීසල් ලීටරයක නව මිල රු.121.00 ක් ලෙස දැක්වේ.
සුපර් ඩීසල් මිල ද ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රු.159.00ක් ලෙසයි.