පසුගිය දිනවලදී ඉන්ධනහල්වලින් සහ පාරිභෝගිකයින්ගේ ඉන්ධන ඉල්ලුම වැඩි වූ අතර ඉන්ධන සම්බන්ධයෙන් වෙනත් ගැටලුවක් නොමැති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නිතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ.
IOC සමාගම විසින් තෙල් නිකුත් කිරීම නවතා නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ යාම අඛන්ඩව සිදුවන බැවින් මෙරට තුළ ද ඉන්ධන මිල සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන ලෙසත් ඔහු සඳහන් කර ඇත.
පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්හි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබාගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.