2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු නිදහස් කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම වනිඳු හසරංග අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කර ඇති අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක නිදහස් කර තිබේ.
එමෙන්ම පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ සංචිතයෙන් නිදහස් කර ඇති බව සඳහන් .
එම ක්‍රීඩකයින්ට නැවත අයි.පී.එල්. තරගාවලියට සහභාගිවීමට හැකි වන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 ක්‍රීඩක වෙන්දේසියේදි ගනු ලබන තීරණ අනුව වන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 වැනිදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව තිබේ .












































