ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.
ඊයේ (28) දිනයේ අවසන් තරගය පැවැත්වීමට නියමිතව තිබූ නමුත් වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් එය අත්හැර දැමීමට සිදු වූ බව සදහන්.
ඒ අනුව අද පස්වරු 7.30ට තරගය අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිතය.
චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත අතර මෙවර IPL ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් පිරිනැමෙන බව සදහන්.













































