පොලිසිය පවසා ඇත්තේ සමාජ මාධ්‍යවල පැතිරයන IS සංවිධානයට සම්බන්ධ වට්ස්ඇප් කණ්ඩායමක් පිළිබඳ ප්‍රචාරයන් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවයි.
අදාළ වට්ස්ඇප් පණිවිඩය තහවුරු නොවූ කරුණක් පිළිබඳව සඳහන් වූවක් බවත් ආරක්ෂක අංශවෙත ලැබුණු තොරතුරක් වැඩිදුර පරීක්ෂණ සිදු කීරීම සඳහා යොමු කරන ලද දැනුම් දීමක් මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කර ඇත.
එසේම මෙම පණිවුඩයේ සඳහන් කර ඇති කරුණු පිළිබඳව නිෂ්චිත තහවුරු කිරීමක් නොමැති බව ද එතුමා සඳහන් කර ඇත.