2022 වර්ෂයේ ආර්ථික අර්බුදය ඉහළ ගිය කාල සීමාව තුළ දී මෙරට කොහිල පරිභෝජනය 45%කින් ඉහළ ගොස් ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්‍යේෂණ ආයතනය විසින් කළ පර්‍යේෂණ වාර්තාවක සඳහන් බව වාර්තා වේ.
එමෙන්ම ආර්ථික අර්බුදය පැවති සමයේ ගෘහස්ථ එළවළු පරිභෝජන අතරින් කොහිල පරිභෝජනය සදහා 45%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් , මෙරට ආහාර උද්ධමනය 95%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් , එය නිදහසින් පසු මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය බවත් , වැඩි දෙනෙකු අවටින් සපයා ගන්නා ලද එළවළු පරිභෝජනයට යොමු වූ බවත් , කැරට් පරිභෝජනය 29% කින් ද , වම්බටු හා වට්ටක්කා පරිභෝජනය 27% කින් ද , බෝංචි පරිභෝජනය 30%කින් ද , කොළ සහිත එළවළු 10%කින් ද අඩු වී ඇති බව එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් කර ඇත.














































