රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 8 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී ඇති බවත් , ඒ හේතුවෙන් මෙම මස 19 වැනිදා සිට නිකුත් කළ තාවකාලික රියදුරු බලපත්‍රවල කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කිරීමට සිදු වූ බවත් වාර්තා වේ.
මෙම ගැටලුවට ප්‍රධානතම හේතුව මෝටර් රථ දෙපාර්තමේන්තුව සතු රියදුරු බලපත්‍ර මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම නව යන්ත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 20 ක් පමණ වැය වන බවත් , එම වියදම දැරීමට තරම් මුදල් ප්‍රතිපාදන නොමැති බවත් , ඒ හේතුවෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය භාරව සිටින සමාගමෙන් කාඩ් පත් මුද්‍රණ යන්ත්‍ර ලබා ගෙන මුදල් ගෙවීමේ එකඟතාව මත කාඩ් මුද්‍රණය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය බලාපොරොත්තු වන බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර තිබේ.














































