ශ්‍රිලංකාවේ ජීවත්වීමට සුදුසු පරිසරයක් හා වාතාවරණයක් නොමැති වීමෙන් දිනෙන් දින අමිහිරි අත්දැකීම් ලබන්නට සිදුවන්නේ නම් වෘත්තියවේදීන් ඔහුන්ගේ සුදුසුකම් මත ඔහුනට සුදුසු වෙනත් රටක් සොයා ගොස් ජීවත්වීමට උත්සහ කිරීම සාමාන්‍ය බව සෞබ්‍යය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහනුවර ගලහ ප්‍රදේශයේදී උත්සවයක් අමතමින් පවසා ඇත.
ඔහු පෙන්වාදී ඇත්තේ වෘතිකයන් රට හැර යාම සම්බන්ධව ඔහුනට දොස් පැවරිය නොහැකි බවයි.
කෙසේ වෙතත් රටේ තත්ත්වය ක්‍රමානුකුලව යහපත් වන බැවින් රටහැර යන අයවලුන් ඉදිරියේදී නැවත රටට එනු ඇතැයි විශ්වාස කරණ බවත් ඉදිරියේ දී වෛද්‍ය පීඨ වෙත බදවාගන්නා සිසුන්ගේ ප්‍රමාණය තුන්ගුණයකින් වැඩිකර ඇති හෙයින් ලංකාවේ වෛද්‍ය හිගය නැතිවී යනු ඇති බවත් ඇමති වරයා ප්‍රකාශ කොට තිබේ.













































