හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරීමට මුල්වුයේ කාන්තාවන් පිරිසක් බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පළවා හරින්නෙත් ප්‍රේමදාස මහතා ජනාධිපති පුටුවේ වාඩි කිරීමට පෙරමුණ ගන්නේත් කාන්තාවන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය දා තලවකැලේ සංවිධානය කොට තිබු ජන රැළියක් අමතමින් පැවැසුවාය.
ඒ ගෝඨාභය ජනාධිපතිවරයා ධුරයෙන් පළවා හැරීමට මුල් වූ අපේ සමගි ජනබලවේගයේ කාන්තාවන් බව එතුමිය වැඩිදුරටත් පැවසීය.
“ගෙවල්වල ඉන්න මිනිස්සු පවා එයාට සංවිධාන වැඩ කලා. තනිකර රූකඩයක් වගේ හිටපු මනුස්සයෙක් වීරයෙක් කියලා පෙන්වලා කට කතා තමයි යැව්වේ ගෝඨාභය කියන්නේ අති දක්ෂ මිනිහෙක් කියලා. ඒ අය බොරු කියලා තමයි ජනාධිපතිවරණය දිනුවේ. ඒ අය බොරු කියලා ජනාධිපතිවරණය දිනුවානම් ඇයි අපිට සජිත් ප්‍රේමදාස ගැන ඇත්ත කියලා දිනන්න බැරි. සජිත් පාසල් හැදුවා. මිනිස්සුන්ගේ දුක දන්නවා. නඩු නැහැ. වංචා දුෂණ මුකුත් නැහැ. මහජන මුදල් හොරකම් කරලා නැහැ. වසර 20 ක පමණ පාර්ලිමේන්තු දීමනා ගෙවල් හදන්න තමයි යොදවලා තියෙන්නේ. අපිට මිනිස්සුන්ට ඇත්ත කියලා අපේ පැත්තට හරවා ගන්න බැරි ඇයි.
මැතිවරණය නැහැ කියලා අඩියක් පස්සට ගන්න එපා. අපි අඩියක් පස්සට ගත්තම අනෙක් දේශපාලන පක්ෂ අඩි දෙකක් ඉස්සරහට යනවා. අපිට දැන් රනිල් එක්ක තියෙන ප්‍රශ්ණය තමයි මුළු රටම දන්නවා අපි අද නන්නත්තාර වෙලා ඉන්නේ. රනිල් ආවේ රාපක්ෂලා ආරක්ෂා කරන්න කියලා මුළු රටම දන්නවා. රනිල්ට පුළුවන් ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් කැදවන්න. මේ වසරේ මැතිවරණයක් නැති වසරක් කිව්වාට අපි දන්නේ නැහැ හදිස්සියේම මෙයාට හිතුන ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න පුළුවන්. ඒ නිසා මෙතැන ඉන්න හැමෝම දවසකට අළුත් ඡන්ද පහක්වත් අපේ පැත්තට හරවන් කටයුතු කළ යුතු” යැයි ඇය කීවාය.














































