ජපානයේ ඔකිනව වරායේ ජලය ලේ පැහැ රතු වර්ණය ගැන්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
ඔරියන් බෲවරීස් නම් ලාගර් බීර නිෂ්පාදනය කරනු ලබන සමාගමක කර්මාන්තශාලාවේ සිසිලන පද්ධතියකින් වර්ණ කාන්දු වී ඔකිනව ගංඟාවට මුසු වීම තුළින් මෙලෙස ඔකිනව ගංඟාව රත් පැහැ ගැන්වී ඇති බව ඔරියන් බෲවරීස් සමාගමේ සභපති අමිජේ මුරණෝ විසින් ජපන් මාධ්‍ය වෙත දැනුම් දී ඇති බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ඔරියන් බෲවරීස් සමාගම ජනතාවගෙන් සමාව අයැද සිටින බවත් , මෙම වර්ණකය ජලයට මුසු වීමෙන් කිසිදු සෞඛ්‍යමය ගැටලුවක් ඇති නොවන බවත් , නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ.















































