සිය පුත්‍රයා ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ දෙමාපියෝ අද (18) රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානයට පැමිණ පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් බැහැදකිමින් සමාව අයැද සිටි බව වාර්තා වේ .
ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා ඇති පසුබිමක ඔහු මේ වන විටත් සිටින්නේ දිවයිනෙන් බැහැරවයි.
එමෙන්ම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් පවතී.














































