මේ වන විට ගාසා තීරය මුල් කොට ගෙන ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇතිව තිබෙන යුධමය තත්ත්වය පිළිබඳව ලෝකයම අවධානයෙන් පසුවන අතර ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ජාතිය අමතා ප්‍රකාශයක් සිදුකර ඇති බව වාර්තා වේ.
මේ තත්ත්වය දෙස සියලු අමෙරිකානුවන් අවධානයෙන් සිටිය යුතු බවට හදිසියේ ජාතිය ඇමතු ජෝ බයිඩ්න් අදහස් පළ කර තිබේ.
විනාඩි 15ක් පමණ වූ ඔහුගේ කතාව තුළ හමාස් සංවිධානය, රුසියානු නායක පුටින්ගේ ආධාර අනුබල ලබන බවට සහ මේ ආකාරයට එක් වරම ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ, රුසියානු නායකයාගේ මැදිහත් වීමක් හමුවේ යැයිද අමෙරිකානු නායකයා ප්‍රකාශ කොට තිබේ.
මේ අවස්ථාවේදී සියලුම අමෙරිකානුවන් එක්ව, ලෝක සාමය රැක ගැනීම සඳහා සහය දිය යුතු බවද ජෝ බයිඩ්න් අවධාරණය කර ඇත්තේ.
පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලයටත්, රුසියාවට එරෙහිව යුක්‍රේනයටත් තවදුරටත් අමෙරිකානු යුද ආධාර ලබාදීම සඳහා අමෙරිකානු කොංග්‍රසයේ සහය අපේක්ෂා කරන බවද අමෙරිකා ජනපති ජෝ බයිඩ්න් පවසා තිබේ.















































