කොලරාඩෝ හි පැවති ඇමෙරිකානු ගුවන් හමුදා ඇකඩමියේ උපාධි ප්‍රධානෝත්සවය අතරතුරේ දී වේදීකාවේ සවිකර තිබූ තාක්ෂණික උපකරණ රඳවනයක පය පැටලීමෙන් එරට ජනපති ජෝ බයින්ඩින් ඇද වැටී තිබෙන බව වාර්තා වේ.
එම අවස්ථාවේ දී ගුවන් හමුදා නිලධාරියෙකු සහ ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු ඇමෙරිකානු ජනාධිපතිවරයා නැඟී සිටීමට සහය වී ඇති බව සඳහන්. එමෙන්ම සිදු වූ ඇද වැටීමෙන් ජනපතිට කිසිදු හානියක් සිදු වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.















































