කොළඹ මතුගම සහ කළුතර මතුගම සහ බදුරලිය ඇතුළු තදාසන්න ප්‍රදේශවල බස් රථවල මගීන්ගේ මුදල් පසුම්බි සංවිධානාත්මක ලෙස සොරකම් කල කළුතර ‘පොකට් ලොක්කා’ නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු සහ ඔහුගේ සහායකයා අත්අඩංගුවට ගත්බවට කළුතර අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් හතකට ආසන්න ප්‍රමාණයක් හමුවූ බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
සොරකම් කළ මුදල් පසුම්බි වල තිබූ බැංකු කාඩ්පත් උපයෝගී කරගනිමින් සුපිරි වෙළදසැල් වෙතින් භාණ්ඩ මිළදී ගත් අවස්ථාවන්හී සිසිටිවි දර්ශණ උපයෝගී කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගත්බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.














































