අවුරුදු 07ක කාලයක සිට ඉදිකිරීමට යෝජිත මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට ප්‍රථම ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ, එහි ඉදිකිරීම් කටයුතු ලෝක බැංකු ආධාර යටතේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් , ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු නොකළහොත් ඉදිරියේ දී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවත් ය.