English
සිංහල
12:24 අඟහරුවාදා, පෙබරවාරි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලීසියටත් තේරුමි ගැනීමට නොහැකි අමුතුම වංචාවක් මහනුවර. අධිකරණය නොමග යවා නඩු තීන්දුත් ලබාගෙන.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • ඉඩමක කුඩා ඉඩමක් මිලදී ගනී!
    • පසුව බෙදුම් නඩු පවරයි !
    • නඩු තීන්දුවෙන් කුඩා කොටස පමණක් ගනී !
    • ඉඩම මැනීමේදී විශාල කොටසක් අත්පත් කරගනී !
    • මුල් ඔප්පු ව්‍යාජ ලෙස සකසයි !

    මහනුවර ප්‍රදේශය තුළ අහිංසක ඉඩම් හිමිකරුවන් බිය වද්දා, විවිධ උපක්‍රම ඔස්සේ නඩු පවරා අධිකරණය නොමග යවා නඩු තීන්දු ලබා ගනිමින් සිදු කරනු ලබන ඉඩම් පැහැර ගැනීමේ වංචාවන් කිහිපයක් අපට අනාවරණය වී තිබේ.  ඉන් එක් සිද්ධියක සියලුම වාර්තා අපට ලැබී තිබේ.  පැරණි සහ අසරණ පවුල් සහිත ඉඩම්වල පත්තිරු පවා වෙනස් කරමින් මෙම ඉඩම් වංචාව සිඳු‍ කරන බව අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව පෙනී යයි. මෙම සිද්ධිය මහනුවර තෙල්දෙනිය කොට්ඨාස විශේෂ අපරාධ ඒකකයට පැමිණිලි කර තිබුණත් එහිදී ද මෙම සිද්ධිය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුවන බවට ද අපට වාර්තා නොවේ. මෙම සිද්ධිය පිළිබදව මුල මැද අග සොයා ගැනීමට අපටද දින කිහිපයක් ගත විය. වාර්තා වන ආකාරයට මෙි සිද්ධියට සමිබන්ධ සංවිධානාත්මක කණ්ඩායම දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ ආකාරයෙන් ඉඩම් වංචා සිදුකර තිබේ.

    කෙසේ වෙතත් විධිමත් සහ විවිධ පැතිකඩයන් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් මෙම සිද්ධිය සොයා ගැනීමට දක්ෂ පොලිස් විමර්ශකයෙකුට හැකිය. මේ පිළිබඳව තොරතුරු දන්වා අප වෙත ලබා දී තිබෙන ලිපිය පහතින් දැක්වෙි.

    එච්.එම්.සී. කුමාරී

    අංක  38                                  

    සුරිමල් වත්ත

    ගුන්නෑපාන

    2023.01.18.

    මහත්මයාණනි,

    ගරු අධිකරණයෙන් අයිතිය ලැබුණු බව පවසමින් ඉඩම් අයිතිකරුවන් බිය ගන්වා දේපල පැහැර ගැනීම.

                ඉඩමක කුඩා ඉඩම් කොටසක් මිලදී ගෙන ඉඩමේ මුල් අයිතිකරු මහමගට ඇඳ දැමීමේ සංවිධානාත්මක කණ්ඩායමක් සිටී. ඔවුන් මෙය සිදුකරනු ලබන්නේ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය හා ගරු අධිකරණය සම්බන්ධ කරගෙනය. ගරු අධිකරණය යන වචන‍ය නිසා මේ ගැන සොයා බැලීමට කිසිවෙකු ඉදිරිපත් නොවන නිසාම මෙය ව්‍යාපාරයක් ලෙස සාර්ථකව සිදු කරනු ලබයි. එමඟින් විශාල පිරිසකට තම ඉඩම් අහිමි වී ඇත.

                මෙහි නායකයා, ඔහුගේ බිරිඳ වන කරුණා නවරත්න පැවසූ පරිදි  මෙම තැනැත්තා වයස අවුරුදු 18 සිට මෙය සිඳුකර ඇති අතර ඉඩම් අයිතිකරුවන් මොහු ගැන නොදන්නා නිසාම මෙය ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇත. දැනට මොහුගේ වයස අවුරුදු 60 ඉක්මවා ඇත.

                ඔහුගේ නායකත්වයෙන් පළමුව සිදුකරනු ලබන්නේ පිටත සිට සැලසුම් කරමින් ඉඩම් වලට ඇතුල්වී එහි අයිතිකරු රවටා කුඩා ඉඩම් කොටසක් මිලදී ගැනීමයි. පසුව නොබෙදූ යන වචනය ප්‍රයෝජනයට ගෙන අයිතිකරුවන් බිය ගන්වා නීතීඥවරයකු මඟින් දිසා අධිකරණයක බෙදුම් නඩුවක් ගොනු කර ගැනීමයි. එම නඩුවට අයිතිකරු සියලුම වියදම් දැරිය යුතුය. වසර ගණනාවක් නඩුව පවත්වාගෙන ගොස් ඔහුගේ අවශ්‍යතාවය මත මුදල් වියදම් කරවා තෘප්තිමත් වන අතර නඩු තීන්දුව ලබා ගන්නේද ඔහුට අවශ්‍ය පරිදිය. මෙම නඩු තීන්දු වල පෙන්නුම් කරන්නේ ඔහු මිලදී ගත් කුඩා ඉඩම් කොටස පමණි. ඉඩම බෙදා අවසානයේදී ඉඩමේ අයිතිකරුවනට සියලුම ඉතිහාසගත නඩු ඇති නැති ඉඩම් අහිමි වේ. අනතුරුව මෙම ඉඩම් කොටස් කර විකුණා එම මුදල් කණ්ඩායම අතර බෙදා ගනී.

                මෙහිදී මොහුගේ බිරිදගේ සහෝදරියක් වන කාන්ති නවරත්න නමැති අය සකසන ව්‍යාජ මුල් ඔප්පු අනුව ඉඩම් බෙදීමට කටයුතු කරයි. සමාජයේ මොහු පෙනී සිටින්නේ මුල් අයිතිකරුවන්ගේ සියලුම දේපල මොහු විසින් මිලදී ගත් ලෙසින්ය.

                මෙම තැනැත්තා නිසාම දිගන, තෙල්දෙණිය හා මහනුවර අවට විශාල පිරිසකට තම ඉඩම් අහිමි වී ඇති අතර පෙර සඳහන් කළ කාන්ති නවරත්න එම සියලු ඉඩම් වලට ඔප්පු සකසා ඇත. දැනට ඇයට වයස අවුරුදු 65 ක් පමණ වන අතර ඇය සිදුකරනු ලබන්නේ මහනුවර ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය තුළ ඇති පැරණි මුල් ඔප්පුවේ සිට ඉඩමට අයත් සියලු ඔප්පු, පත්ඉරු වෙනස් කිරීමයි. මෙමගින් සියලු ඔප්පු හොර ඔප්පු බවට පත්වේ.

                පත්ඉරු සැකසුම සඳහා ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ සහය ලැබී ඇත. මෙම හේතුව නිසාම ඉඩමේ අයිතිකරුවනට නීත්‍යානුකුල අයිතිය නැතිවන අතර මුදල් ගෙවා ලබා ගන්නේ මෙම කණ්ඩායම එක්ව සාදන ලද ඔප්පු සහ පත්ඉරුය. එම පත්ඉරු ඔප්පු නිසාම අයිතිකරුවනට අයිතිය අහිමි වී ඉඩමේ මුල් අයිතියට ඔප්පුවක් සකසා බෙදුම් නඩුව අවසන්වන තුරු සුක්ෂම ලෙස සඟවාගෙන සිටී. එයද ලියාපදිංචි කරනුයේ ඉඩමේ මුල් ඉතිහාසය ගත පොතෙහිය. එයද සඟවා තබා ඇත. මෙම කණ්ඩායම වඩාත්ම ශක්තිමත් වී ඇත්තේ ඒ හා සම්බන්ධ වන රජයේ නිලධාරීන් හට මුදල් ලබා දීමෙනි.

                මෙම ලිපිය යොමු කරන මා පදිංචි ඉඩමටද ඔහු ඇතුලු වුයේ පියා රවටාගෙනය. ඉඩමට පැමිණීමට පෙර මෙම තැනැත්තා අපගේ නිවසට කිලෝමීටර් 1ක් පමණ දුරින් කුලී නිවසක සිට ඉඩම ගැනීමට සැලසුම් කොට ඇත. පියාගේ හිතවතකු මඟින් ඉඩම ගැනීමට පැමිණි අතර තමාට නිවසක් සෑදීමට පමණක් ඉඩමෙන් පර්චස් 10ක් ලබාදෙන ලෙසට බැගෑපත්ව ඉල්ලා ඔහුගෙන් කිසිදා කරදරයක් නොවන බව පවසා ඇත. පියා විසින් රුපියල් 60000 ක මුදලකට 1995 වසරේදී අප ඉඩමෙන් පර්චස් 10ක ඉඩම් කොටසක් මත බෙදා වෙන් කර දී ඇත.

                ඔහු අප ඉඩමට පදිංචි වී නිවස සාදාගත් පසුව දැනගැනීමට ලැබුනේ   කූට ලේඛන සකසන කාන්ති නවරත්න , බිරිදගේ සහෝදරියක් වන බවත් ඇයද අප නිවසට කිලෝමීටර් භාගයක් පමණ දුරකින් පිහිටි නිවසක පියරත්න නමැති අයකු සමඟ විවාහ වී පදිංචිව ඇති බවත් පියරත්න නමැති අය සැලසුම් කොට ඉඩම ගැනීමට එවා ඇති බවත් ය.

                පර්චස් 10 ක ඉඩම් කොටස පියා ලබා දී ඇත්තේ පියා විසින් පියාගේ සහෝදරයාගෙන් මිලදී ගත් ඉඩම් කොටසක ඔප්පුවකිනි. එම ඔප්පුව 8081 වේ. සුපුරුදු පරිදි ඉඩමට පාරක් ගමු යැයි පවසා පියා රවටා එක්ක ගොස් නීතීඥ මහතකු මඟින් පාරකට නඩුවක් යැයි පවසමින් පාරකට L නඩුවක් නොව ඉඩමට බෙදුම් නඩුවක් ගොනු කොට ඇත. මෙහිදී පියා පැමිණිලිකරු වන අතර නඩුවට මුදල් වියදම් කලේද පියාය. මොහු පළවන විත්තිකරු ලෙසටත් පර්චස් 10 ක ඉඩම් කොටසක් මිලදී ගත් අයෙක් ලෙසටත් පෙනී සිටී. ඔහුට අවශ්‍ය පරිදි නඩුවට ලිපි ලේඛන ගොනු කලේද මොහුගේ අවශ්‍යතාවය මතය. මහනුවර දිසා අධිකරණයේ P 14240 නමින් නඩුව ගොනු කර ඇත. එම නඩුවට නීතීඥවරයාට ඔප්පු දෙනවා යැයි පවසා  ඉහත කී 8081 ඔප්පුව සුක්ෂමලෙස ඔහු ළඟ  තබාගෙන සිටී.

                දැනට පියා මිය ගොස් වසර 14 ක් පමණ වේ. වසර 25 ක් බෙදුම් නඩුව පවත්වාගෙන ගොස් ඇත. පියා මිය ගිය පසු අප නඩුව ඉල්ලා අස් කර ගත්තද වෙනත් පුද්ගලයකු යොදවා මෙම නඩුව පවත්වාගෙන ගොස් ඇත. අපට ලැබුණු ආරංචි අනුව නැවත නඩුවට ඉදිරිපත් වුවද ඔහුගේ එම ක්‍රියාව වළක්වා ගත නොහැකි විය. මොහු වසර 25 ක්  බෙදුම් නඩුව පවත්වාගෙන ගොස් අප මහපාරට ඇඳ දැමීමට සුදානම් කොට සිටී.නඩුවේ තීන්දුව ලංවෙත්ම  පෙර කී 8081 ඔප්පුවේ සහෝදරයාගේ දරුවන් ගෙන්වා අපගේ අයිතිය නැති කිරීමට ඔහු විසින් ඔප්පුවක් සකසා ගෙන ඇත. එම ඔප්පුව අංක 806 වේ.

                අපගේ ඉඩම බේරා ගැනීම සඳහාම තීන්දුවට එරෙහිව සිවිල් අභියාචනා මහාධිකරණයේ REV 29/19 නමින් දුෂ්කරතා මැද්දේ  නඩුවක් ගොනුකලද එයද එම පුද්ගලයා නිසාම ඒක පාර්ශ්වික නඩුවක් බවට පත්ව ඇත. මොහු තරයේ පවසා සිටින්නේ පියාට අයිතිය තිබුනොත් දරුවන්ට අයිතිය ලැබෙනවා, අපගේ අයිතිය නැති බවත්, වියදම් කළ මුදල් නිෂ්ඵලබවත්, ඔහුට අපගේ දේපලවල අයිතිය ඇති බවත්, නඩුවෙන් පලක් නැති බවත්ය.

                නීතීඥ මහතා පෙර නඩුව P 14240 අත්හිටුවීම සඳහා අපගෙන් මුදල් ලබාගත්තද අත්හිටුවීමක්ද නැත. නඩු දෙකම පවත්වාගෙන යයි. අපට මේවාට වියදම් කිරීමට මුදල්ද නොමැත. නඩුව තිබියදී මිනින්දෝරු මහතෙක් මඟින් ඉඩම් බෙදීම කළා. මේ අවස්ථාවේ දී මොහු ළඟ තිබු කූඨ ලේඛන ගැනීමට පොලිසිය හරහා කටයුතු කළ ද කොට්ඨාස අපරාධ ඒකකය වෙත පැමිණිලි කළ ද එයද නිෂ්ඵල විය.

                මුලින්ම අපගේ සහෝදරයා නොමග යවමින් පියා සතු නඩු නොමැති ඉඩමක් හා කුඹුරක් මැන අවසන්කර අප පදිංචි ඉඩමට පැමිණියේය. දැනට ඔහු එහි වැටමායිම් ගසා සුරක්ෂිත කරගෙන ඇත්තේ නඩුවෙන් ලබා ගැනීමටත් සහෝදරයාගේ අයිතිය මිලදී ගත් ලෙසටත්ය. නමුත් පියාගේ අයිතිය හිමි අංක 2250 නැමති ඔප්පුව කාන්ති විසින් ව්‍යාජ ඔප්පුවක් බවට පත්කර ඇත. මෙහි නොතාරිස් මහතාගේ අත්සනද වෙනස්ය.

                අප පදිංචි නිවසද ඉඩමද සහෝදරයාගෙන් මිලදී  ගත්තා යැයි පවසා , නිවසද අපට අහිමි වන බවත් විලාප තබමින් කර කියාගත කිසිවක්  නොමැතිව නිවසින් එළියට යන බවත් රංගනයෙන් පෙන්වා සිටී. කිසිදු ලියකියවිල්ලක්වත් පෙන්වන්නේද නැත. අධිකරණ නියෝග මඟින් තමාට මුළු ඉඩමම ලැබෙන බවත් හැකි ඉක්මනින් අපව නිවසින් පිටමන් කර අවසන්වරට ඉඩමේ වැට ගසා ඔහුගේ අයිතිය ගන්නා බවත් කියමින් තර්ජනය කරයි.

                මෙම තැනැත්තාට රැකියාවක් දැනට නොමැති අතර ගමේ පෙනී සිටින්නේ බැංකු නිලධාරියෙක් ලෙසයි. දැනට මෙම කණ්ඩායම බදුල්ල, වේයන්ගොඩ, කුරුණෑගල ආදී ප්‍රදේශවල ඉඩම් කොටස් මිලට  ගෙන ඔප්පු සකසන බව අපට දැන ගැනීමට ලැබුනේ ඔහු නිතරම උස් හඩින් තම හිතවතුන්ට දුරකථන ඇමතුම් ලබාදීම නිසාය. ඔහු දැනට පදිංචි ලිපිනය එම්.එම්. කරුණාරත්න, 37/2A, සිරිමල්වත්ත, ගුන්නෑපාන, මහනුවර.

    කාන්ති නවරත්න නමැති කූඨ ලේඛන සකසන තැනැත්තිය යතුරු ලේඛිකාවක් ලෙසින් මහනුවර දේව වීදියේ මරික්කාර් සහ මරික්කාර් නොතාරිස් කන්තෝරුවේ  සේවය කරයි. අධිකරණයෙන් පිටත සිට බෙදුම් නඩු මඟින් අයිතිකරුවන් මහමගට ඇද දමන මෙම සංවිධානාත්මක කණ්ඩායම සහ ඔවුනට සහය දක්වන නිලධාරීන් කවුද යන්න සොයාබලා අපගේ ඉඩම් මෙන්ම අනෙක් ඉඩම් ද බේරා ගැනීමට වගකිවයුතු අංශවලින් ඉල්ලාසිටිමි.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version