දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශකොට ඇත්තේ ඊයේ (07) දහවල් පීළි පැනීමකට ලක්ව හානියට පත් දුම්රිය මාර්ගය තවත් පැය කිහිපයකින් යථාතත්වයට පත් කළහැකි වනු ඇති බවයි.
එම දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව තිබු අතර, අද (08) දින දහවල් කාලය වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කළ හැකි බවත්, මේවන විට අනතුරට පත් වූ දුම්රිය පීලිගත කර අවසන් බවත්ය.