- කතරගම දේවාලයේ සල්ලි ටික කපුවන්ගෙන් බේරලා දෙන්න ගිහිල්ලා මම දැන් ඉන්නෙ ජීවිතේ තර්ජනයක
02.කපුවෝ එදා මටයි හාමුදුරුවන්ටයි ගහන්න පොලු අරගෙන ලෑස්ති වෙලාමයි ආවේ.
03.කතරගම ඇවිල්ලා ඇයි පූජා වට්ටි වලට සල්ලි තියන්නේ ඒ සල්ලි දේවාලය සංවර්ධනයට රුපියලක් ලැබෙන්නේ නෑ.
- කපුවෝ හොරකම් කරපු පවුම් 38 රත්තරන් තැටියට අදටත් වරදකාරයෙක් නැහැ.
05.හරි ක්‍රමවේදයක් හැදුවේ නැත්තං සල්ලි බෙදාගන්න බැරුව හැමදාම වෙන්නේ බස්නායක නිලමෙලාට මැරුම් කන්න.
06.දේවාලය යතුර තියෙන්න ඕන මගේ අතේ කාපුවෝ එක බාර දෙන්නේ නැහැ.
07.කතරගම මිනිස්සු කපුවෝ මේ සේරම ජීවත් වෙන්නේ එන බැතිමතුන්ගේ සල්ලි වලින්. මේ කපුවෝ තියෙන පූජා වට්ටියට වත් සාධාරණයක් කරන්නේ නැහැ.
08.හාමුදුරුවෝ එක්ක තියෙන්නේ ගිනි පාගන ප්‍රශ්නයක් නෙවෙයි.පන්සලේ දේවාලයට පූජා වට්ටි තියෙන එක නතර කරගන්න ඕන වෙලා තියෙන්නේ
බැතිමතුන් පූජා කරන සල්ලි බෙදා ගන්න බැරුව කතරගම දේවාලයේ කපුවෝ සහ බස්නායක නිලමේ අතර තිබෙන ආරවුල පිළිබඳව සාකච්ඡාවක් චමුදිත සමරවික්‍රම මහතා සමග කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වූ ඩිෂාන් ගුණසේකර මහතා පවත්වා තිබුණි.
කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වූ ඩිෂාන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ දේවාලයේ සල්ලි ටික කපුවන්ගෙන් බේරලා දෙන්න ගොස් තමා ජීවිත තර්ජනයකට ලක්ව ඇති බවයි.
එමෙන්ම ගිනි පෑගීමේ ස්ථානය තීරණය කරන අවස්ථාවේදී කපුවන් තමාට සහ හාමුදුරුවන්ට පහර දීමට පොලු අරන් පැමිණි බවත් හාමුදුරුවන්ට පහර දීමේදී කතරගම සභාපති චානක මහතා මැදිහත් වී එය වැළැක්වූ බවයි.
එසේම කතරගම විෂ්ණු කතරගම දේවාලයේ යාතිකා සිදු කරන බැවින් අනෙකුත් දේවාලවලවල වඩා බැතිමතුන් බොහොමයක් එතනට යාමද කපු මහත්තුරුන්ට ප්‍රශ්නයක් වී ඇති බව පවසයි.
තවද මෙලෙස බැතිමතුන් පූජාවට්ටිවලට තබන මුදල් කිසිවක් දේවාලයේ සංවර්ධනයට නොලැබෙන බවත් ඒවායෙන් කොටසක් කපුවන්ගේ පෞද්ගලික පරිහරණයට යොදවා ගන්නා බවත් එබැවින් පූජා වට්ටිවලට පඩුරු තැබීම අවශ්‍ය නැති බවත් ඔහු ප්‍රකාශ කරයි.
එමෙන්ම කපුවන් විසින් සොරකම් කළ පවුම් 38 රත්තරන් තැටියට වරදකරුවෙකු අද වනතුරුත් හසු වී නොමැති බව පවසයි.
එසේම බස්නායක නිලමේ වන තමාට දේවාල යතුර බාර දිය යුතු වුවත් එය තමාට භාර නොදී සෝමපාල රත්නායක කපු මහතා අතැතිව තබා ගෙන ඇති බව පවසයි.
එසේම මාසත් බෙදන්නෙ ඔවුන් දේවාලවලට තියෙන සල්ලි ලබා ගන්නෙත් කපු මහතුන් බවත් කතරගම දේවාලයේ බලය කල්ලියක් අතට පත් වී ඇති බවත් ප්‍රකාශ කරයි.
එසේම කතරගම දේවාලයේ මූලික ආදායම ගිය වසරේදී මිලියන 180ක් බවත් මුළු වියදම මිලියන 80ක් බැවින් තවත් මිලියන 100ක් ඉතිරිව ඇති බවත් එය මේ වසරේදී මිලියන 300ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත් මින් ඉතිරි මුදල් කළමනාකරණය කිරීමට නිසි ක්‍රමවේදයක් රජය විසින් ලබා දෙතැයි තමා විශ්වාස කරන බවත් පවසයි.
එමෙන්ම බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී තිබෙන කතරගම පූජා භූමියට පැමිණෙන බැතිමතුන්ගේ මුදලින් කතරගම මිනිසුන් සහ කපුවන්ගේ ජීවිත රැදී ඇති මුත් බැතිමතුන් තබන පූජා වට්ටියටවත් කපුවෝ සාධාරණයක් ඉටු නොකරන බව ඔහු පවසයි.
මොහු වැඩිදුරටත් සදහන් කරන්නේ තමාගේ ජීවිතයට කෙතරම් තර්ජන පැමිණියත් මෙම දූෂිත ක්‍රමවේදයෙන් ඉවත්ව නිවැරදි ක්‍රමවේදයක් සකසන තුරු තමා මේ සමග සටන් කරන බවයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.














































